Call our Help Desk

0112786749

0112785258

information you have to obtain before you proceed

Your Email address

Your mobile phone number

Your name according to the national identity card

Your permenent address

Please carefully select the schools you are applying

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම - 2020 (2016-2019)

தேசிய டிப்ளோமா கற்பித்தல் டிப்ளோமா வைத்திருப்பவர்களை இலங்கை ஆசிரியர் சேவையில் சேர்ப்பது- 2020 (2016-2019)

Recruitment of National Teaching Diploma holders into Sri Lanka Teacher service- 2020 (2016-2019)

1. පොදු උපදෙස්

මෙම තොරතුරු රැස්කිරීම මාර්ගත (online) ක්‍රමය ඔස්සේ අයදුම් කළ හැකි අවසාන දිනය 2020.12.20 දක්වා දීර්ඝ කරන ලදී.

1.1. මෙම පත්වීම් ලබාදීම හා ස්ථානගත කිරීම අංක 1,984 හා 2016.09.09 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් නිවේදනයේ විධිවිධානුකූලව (දත්ත පද්ධතිය මඟින්) ප්‍රදර්ශනය කරනු ලබන පුරප්පාඩුවලට අනුව සිදුකෙරේ.

1.2. වෙබ් අඩවියට ප්‍රවේශ වීමට පෙර, මෙහි සඳහන් උපදෙස් සියල්ල හොඳින් කියවා අවබෝධ කරගත යුතුය.

1.3. ඔබ විද්‍යාපීඨයට බඳවා ගැනීමට අදාළ පළාතෙහි ජාතික හා පළාත් පාසල්හි පවතින පුරප්පාඩු සඳහා ඔබට අයදුම් කළ හැකිය.

1.4. ස්ථානගත කිරීමේදී ඔබ බඳවා ගනු ලැබූ පළාතට ප්‍රමුඛතාව ලබාදෙමින් ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රතිඵල ලේඛනයේ සඳහන් ඔබගේ විෂයයට අදාළ කුසලතා අනුපිළිවෙලින් සිදු කරනු ලැබේ.

1.5. යම් හෙයකින් ඔබ විද්‍යාපීඨයට බඳවා ගන්නා ලද අවස්ථාවේ ස්ථීර පදිංචි ලිපිනය මේ වන විට වෙනස් වී ඇත්නම්, ඒ සඳහා හේතු සඳහන් කොට නව ලිපිනය දත්ත පද්ධතියට ඇතුලත් කළ යුතුය. එසේ වුවද ඔබ ඇතුලත් කරන ලද නව ලිපිනයට අදාළ පළාතෙහි පවතින ජාතික පාසල්හි පාසල් පාදක පුරප්පාඩු සහ පළාත් පාසල්හි පුරප්පාඩු පවතින්නේ ද යන්න පරීක්ෂා කිරීමට හැකියාවක් නොමැති අතර ඔබගේ මනාප අනුපිළිවෙල අනුව පාසල් තෝරා ගැනීමට ද අවස්ථාව හිමි නොවේ.

1.5.1. කිසියම් ශික්ෂණලාභියෙකු තමන්ගේ වෙනස් වු පදිංචියට අදාළ පළාතෙන් පරිබාහිර පාසලකට ස්ථානගත වීමට බලාපොරොත්තු වන්නේ නම්, පළමුවෙන් ඒ බව දත්තපාදයේ requests/ comments තීරුවේ සදහන් කර, ඔබගේ ඉල්ලීම ඊට අදාළ ලිපි ලේඛණ වල සහතික කල පිටපත් ද සමග ncoe.dpl@gmail.com ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් යොමු කරන්න.

1.5.2. කෙසේ වුවද කරුණු අංක 1.5හි පරිදි ඔබගේ පදිංචිය වෙනස්වීම මත නව ලිපිනයට අදාළව ඔබ ස්ථානගත කිරීමට තීරණය කලද, එසේ ස්ථානගත කිරීමේ දී විද්‍යාපීඨයට බඳවා ගැනීමේ දී එම පළාතෙන් බඳවා ගන්නා ලද ශික්ෂණලාභීන් සඳහා ප්‍රමුඛතාව හිමි වන අතර ඔවුන් පාසල් සඳහා ස්ථානගත කිරීමෙන් අනතුරුව ඉතිරිවන පුරප්පාඩු සඳහා පමණක් ඔබ ස්ථානගත කරනු ලැබේ. ඒ අනුව, එහිදි ඔබගේ කුසතලාව සලකා බැලීමට ද අවස්ථාවක් හිමි නොවේ.

1.6. විදුහල්පතිවරුන් විසින් ලබා දෙනු ලබන පුරප්පාඩු ලිපි ප්‍රතික්ෂේප කරනු ලැබේ.

1.7. ජාතික පාසල් සඳහා යොමු කරනු ලබන ශික්ෂණලාභින්ගේ පත්වීම් මෙම අමාත්‍යාංශය මඟින්ද, පළාත් පාසල් සඳහා යොමු කරනු ලබන ශික්ෂණලාභීන්ගේ නාම ලේඛණය අදාළ පළාත සඳහා යොමු කිරීමෙන් පසුව ඔවුන්ගේ පත්වීම් අදාළ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව/ අමාත්‍යාංශය විසින් ඔබ වෙත නිකුත් කරනු ඇත.

1.8. පළාත් පාසල්වලට ස්ථානගත කිරීම සම්බන්ධයෙන් පළාත් ලේකම් හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කරනු ලබන ස්ථානගත කිරීම් සම්බන්ධයෙන් අවසාන තීරණය අධ්‍යාපන ලේකම් සතු වේ.

1.9. මෙම මාර්ගගත අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ඔබට ආසන්නතම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන්, පළාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානයෙන්- PICTEC, කලාප තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානයෙන් -ZICTEC නොමිලයේ ලබා ගත හැක.

1.10. නිරෝධායන නීතියකට යටත් කර තිබීම හෝ වෙනත් එවැනි හේතුවක් නිසාවෙන් නියමිත දිනට පෙර මෙම මාර්ගගත අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමට අපොහොසත් වන අයවළුන් වහාම උපකාරක දුරකථන අංක (Help Desk) අමතා අවශ්‍ය උපදෙස් ලබා ගන්න.

1.11. සිංහල, දෙමළ හා ඉංග්‍රීසී භාෂාවලින් පළකරන මෙම නිවේදනයේ භාෂා පාඨ අතර කිසියම් අනනුකූලතාවයක් පවතී නම්, එවැනි විටක සිංහල මාධ්‍ය නිවේදනය නිවැරදි සේ සලකා කටයුතු කරනු ලැබේ.

2. වෙබ් අඩවිය පරිශීලනය කිරීමේ උපදෙස්

2.1. තොරතුරු ඇතුලත් කිරීම සඳහා එක් අයදුම්කරුවකුට එක් වරක් පමණක් වෙබ් අඩවියට ප්‍රවේශ වීමට (Login) හැකිය. එබැවින් සියලුම අයදුම්කරුවන් මෙම උපදෙස් වලට අනුව මාර්ගගත අයදුම්පත්‍රය සම්පූර්ණ කළ යුතු අතර එම තොරතුරු පසුව වෙනස් කිරිමට ඉඩදෙනු නොලැබේ. වෙනත් ආකාරවලින් ඉදිරිපත් කරන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

2.2. නිවැරදි ජාතික හැදුනුම්පත් අංකය ඇතුලත් කිරීමෙන් පමණක් ඔබට වෙබ් අඩවියට ප්‍රවේශ වීමට (Login) වීමට අවස්ථාව හිමිවේ. එසේ දත්ත පද්ධතියට ඇතුල් වීමට නොහැකි අය අපගේ උපකාරක දුරකථන අංක (Help Desk) අමතන්න.

2.3. ඔබ දත්ත පද්ධතියට පූරණය වීමට ප්‍රථම ඔඛගේ මව් භාෂාව ඇතුලත් කරන්න. තොරතුරු කියවා අවබෝධ කර ගැනීමෙන් පසු පමණක් අදාළ ස්ථානයේ () සලකුණු යොදන්න.

2.4. අනතුරුව Proceed බොත්තම Click කරන්න.

2.5. නිවැරදි විද්‍යුත් තැපැල් ලිපිනය සහ ඔබගේ ජංගම දුරකථන අංකය ඇතුලත් කර ඊළඟ පියවරට යොමුවන්න.

2.6. එහිදී ඔබට වම්පස තීරයෙන් අප සතුව දැනට දත්ත පද්ධතියේ පවතින ඔබගේ තොරතුරු ප්‍රදර්ශනය වේ.

2.7. ඉන්පසු දකුණුපස තීරුවේ ඇති තොරතුරු සම්පූර්ණ කර Next බොත්තම Click කරන්න.

2.8. ඉන්පසු ලැබෙන මෙනුවෙහි පාසල් සඳහා ඔබගේ මනාප අනුපිළිවෙල මත පුරප්පාඩු නම් කිරීමට අවස්ථාව හිමිවේ. ඒ සඳහා පුරප්පාඩු පිරවීම සඳහා වන උපදෙස් බලන්න. ඉන්පසු තොරතුරු ඇතුලත් කිරිම සඳහා Submit කරන්න. ඔබ ඇතුලත් කළ තොරතුරු පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ.

2.9. ඔබට තවදුරටත් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් ඇත්නම්, මෙනුවෙහි requests/ comments තීරුවේ සඳහන් කොට Complete>>Confirm බොත්තම් Click කරන්න. එම බොත්තම් Click කල පසු ඇතුලත් කල තොරතුරු පසුව වෙනස් කිරීමට ඉඩදෙනු නොලැබේ.

2.10. ඔබගේ ඇතුලත් කල තොරතුරු ඇතුලත් සාරාංශය IV වන පියවරදී පරීක්ෂා කර, ගැටලුවක් පවතී නම් උපකාර දුරකතන අංක මෙනුවෙහි ඇති අපගේ දුරකථන අංකයන් අමතන්න.

2.11. අනතුරුව Download Iconය Click කර PDF ගොනුවක් ලෙස භාගත කර ගන්න. එලෙස භාගත කරගත් PDF ගොනුව මුද්‍රණය කර, නිසිලෙස දත්ත සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සාමදාන විනිශ්චයකාර‍යෙකු ලවා සහතික කරවාගෙන සහකාර ලේකම්, ගුරු ආයතන අංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල ලිපිනයට 2020.12.24 දින හෝ ඊට පෙර ලැබෙනසේ ලියාපදිංචි තැපෑලෙන් පමණක් යොමු කරන්න. ලිපි කවරයෙහි වම්පස ඉහළ කෙළෙවරෙහි NCOE Deployment -2020 ලෙස අනිවාර්යයෙන් සඳහන් කරන්න.

2.12. එම අයදුම්පතෙහි ඡායාපිටපතක් ඔබ සතුව තබා ගැනීම ඔබට පසුවට වැදගත් වනු ඇත.

2.13. ඉහත 2.11හි කී මුද්‍රිත පිටපත අප වෙත ලැබීමෙන් පසු පමණක් ඉදිරි කටයුතු සිදුකරනු ලැබේ.

3. පුරප්පාඩු තේරීම සඳහා උපදෙස්

3.1. ඔබගේ විෂයයට සහ මාධ්‍යයට අදාළව පද්ධතියේ පවතින සමස්ථ පුරප්පාඩු ප්‍රමාණය, ජාතික පාසල්හි පාසල් පාදකව ද, පළාත් පාසල් හි පුරප්පාඩු පවතින්නේ ද යන්න පමණක් ද සඳහන් කර ඇත.

3.2. වැවිලි අංශය හා ඒ ආශ්‍රිත පදනම මත බඳවා ගත් ශික්ෂණලාභීන්ට ඉල්ලුම් කල හැකි වන්නේ විද්‍යාපීඨයට බඳවා ගනු ලැබූ පළාතට අදාළ වතු අංශයේ පාසල් සඳහා පමණි. ඔවුන්ට ජාතික පාසල් හි පුරප්පාඩු නොමැති බැවින් ඉල්ලුම් කළ හැක්කේ පළාත් පාසල් පමණි.

3.3. ඔබගේ විෂයයට සහ මාධ්‍යයට අදාළව ඔබ බදවා ගනු ලැබූ පළාතේ පළාත් හෝ ජාතික පාසල්හි පුරප්පාඩු නොමැතිනම් පාසල් තෝරා ගැනීමේ මෙනුවෙහි වෙනත් පළාතක් යන විකල්පය (Option) තෝරා requests/ comments මෙනුවෙහි පළාත් 03 ක් තමන් කැමති අනුපිළිවෙලින් නම් කරන්න.

4. දත්ත පද්ධතියේ පවතින උපදෙස්වලට අමතරව පහත කරුණු සම්බන්ධයෙන්ද ඔබේ අවධානය යොමු කරන්න

4.1. දත්ත පද්ධතිය සම්බන්ධයෙන් අප වෙත වාර්තා වී ඇති ගැටලු ( වෙබ් අඩවියට ප්‍රවේශ වීමට නොහැකි අයදුම්කරුවන් හැර) සලකා බලා එම අයදුම්කරුවන්ට නැවත දත්ත පද්ධතියට ඇතුලු වීමට හැකියාව ලබා දී ඇත. එබැවින් දත්ත පද්ධතියට නැවත ඇතුලු විය හැකි සියලුම අයදුම්කරුවන් නැවත අයදුම්පත් සම්පූර්ණ කළ යුතුයි.

4.2. අයදුම්කරුවන්හට දත්ත පද්ධතියේ 4 වන අදියරේ පාසල් තෝරා ගැනීමේදි ජාතික පාසල්හි නම් ඇතුළත් ලේඛනයක් ප්‍රදර්ශනය නොවන්නේ නම්, ඉන් අදහස් වන්නේ එම විෂයයට සහ මාධ්‍යයට අදාළව ජාතික පාසල්හි පුරප්පාඩු නොපවතින බවයි. එමෙන්ම එම ලේඛනය තුළ පළාත සඳහන් නොවන්නේ නම්, ඉන් අදහස් වන්නේ ද , එම පළාතේ එම විෂයයට සහ මාධ්‍යයට අදාළව පුරප්පාඩු නොපවතින බවයි. එවැනි අයදුම්කරුවන් වෙනත් පළාත් (other Province) විකල්පය තෝරා ඔබේ මනාප අනුපිළිවෙලට ඔබ කැමති පළාත් 03ක් requests/ comments තීරුවෙහි ඇතුළත් කරන්න.

4.3. ඔබ අයත් පළාත ලෙස දත්ත පද්ධතියෙහි ඇතුළත්ව ඇත්තේ විද්‍යාපීඨයට ඔබ බඳවාගත් පළාත වේ. යම්හෙයකින් ඔබට අදාළ පළාත වෙනස් වී ඇත්නම්, ඒ බව සඳහන් කර ඔබේ දුරකථන අංකයද සමඟ ncoe.dpl@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයට ඔබේ ජාතික හැදුනුම්පතේ පිටපතක් යොමු කරන්න. එවැනි ඉල්ලීම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ සංශෝධන සිදු කරන බැවින්, එම සංශෝධන සිදු කිරීමෙන් පසු නැවත දැනුම්දෙනු ලැබේ.

4.4. ඉහත පරිදි සංශෝධන සිදු කරනු ලබන්නේ බඳවා ගත් ලිපිනයට අදාළ පළාත නිවැරදි නොවන අයදුම්කරුවන්ගේ පමණී. වෙනත් කාරණාවක් හේතුවෙන් මේ වන විට පදිංචිය වෙනස් වී ඇත්නම්, නව පදිංචියට අදාළව සංශෝධන සිදු නොකරන අතර, එවැනි අයදුම්කරුවන් වෙනත් පළාත් (other Province) විකල්පය තෝරා requests/ comments තීරුවෙහි නව පදිංවියට අදාළ පළාත සඳහන් කරන්න. පසුව ඒ බව සඳහන් කොට පදිංචිය වෙනස්වීම සම්බන්ධව අදාළ ලිපි ලේඛණ වල සහතික කල පිටපත්, ජාතික හැදුනුම්පතේ පිටපතක් සමග ncoe.dpl@gmail.com ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් යොමු කරන්න. (මෙවැනි අයදුම්කරුවන්ගේ ස්ථානගත කිරීම් සම්බන්ධයෙන් උපදෙස් මාලාවේ කරුණු අංක 1.6 පරිදි කටයුතු කරනු ලැබේ.)

4.5. දත්ත පදිධතියට ප්‍රවේශ විය නොහැකි අයදුම්කරුවන්ගේ ගැටලු (ජාතික හැදුනුම්පත් අංක නොගැලපීම්) මේ වන විට පරීක්ෂා කරමින් පවතී. එම ගැටලු අදාළ තහවුරු කර ගැනීම්වලින් පසුව සංශෝධනය කළ යුතු බැවින්, ඒ සඳහා යම් කාලයක් ගත වේ. එවැනි ගැටලු ඇති අයදුම්කරුවන්ට අයදුම්පත් සම්පූර්ණ කිරීමේ අවසන් දිනට බාධාවක් නොවන පරිදි දත්ත පද්ධතියට පිවිසීමට අවස්ථාව ලබා දෙනු ලැබේ. (මෙම ගැටලුව පවතින සියලුම අයදුම්කරුවන් ගැටලුව සඳහන් කර ඔබේ දුරකථන අංකය ද සමඟ ජාතික හැදුනුම්පතේ පිටපතක් ncoe.dpl@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයට අනිවාර්යයෙන්ම යොමු කළ යුතුය.) එම සංශෝධන සිදු කිරිමෙන් අනතුරුව ඒ බව ඔබ වෙත දන්වනු ලැබේ.

4.6. ඉහත සියලු සංශෝධන සිදු කිරීමෙන් පසු තවදුරටත් ගැටලු පවතින්නේ නම්, පමණක් අපගේ උපකාරක දුරකතන අංක මඟින් අප වෙත දන්වන්න.




National College of Education 2020




    



Ministry of Education. All rights reserved. Credits

Ministry of Education - ICT-NOC

w3css is a property of w3schools